සපුගස්කන්ද යළිත් අවදානමක
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

සපුගස්කන්ද යළිත් අවදානමක

සපුගස්කන්ද යළිත් අවදානමක

මෙම වසරේ පස්වන වරටත් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසා දමා දැනට දින කිහිපයකට පෙර යළි එහි වැඩ කටයුතු ආරම්භ කරනු ලැබීය.

 

එහෙත් පිරිපහදු නිෂ්පාදන ගබඩා කිරීමට හැකියාව නොමැති වීම හේතුවෙන් ඉන්ධන පිරිපහදුව යළිත් වරක් වසා දැමීමට ඉඩ ඇති බවට වාර්තා වේ.

 

මෙම වසරේ අවස්ථා කිහිපයක දී ඉන්ධන පිරිපහදුව වසා දැමීමත්, යළි ආරම්භ කිරීමත් හේතුවෙන් මේ වන විට පිරිපහදු නිෂ්පාදන ගබඩා තුළ ගොඩගැසී ඇති බව සඳහන්ය.

 

වසර දෙකකටවත් ප්‍රමාණවත් බොරතෙල් මෙරටට රැගෙන ආ හැකි නම් නියමිත ප්‍රමිතියෙන් පිරිපහදු නිෂ්පාදන වෙළදපොළට යැවිය හැකි බවට වෘත්තිය සමිති පෙන්වාදෙයි.

 

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ යළිත් වරක් පිරිපහදුව වසා දැමීමට සිදුවනු ඇති බවට ද වෘත්තීය සමිති සඳහන් කළේය.

views

186 Views

Comments

arrow-up