තරුණයෙක්ට දිවි අහිමි කළ මාරක අනතුරින් පසු රියදුරු පළා යයි

ගල්නෑව, හිරිපිටියාව ප්‍රදේශයේ දී ගල්නෑව තඹුත්තේගම ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගල්නෑව දෙස සිට බුල්නෑව දෙසට ධාවනය කළ මෝටර් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පසට ගොස් ගසක ගැටී පෙරළී අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය පදවාගෙන පැමිණි රියදුරු පළාගොස් ඇති අතර, අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබේ.
ගල්නෑව රෝහලට ඇතුළත් කිරීමේ දී ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 25ක එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
තුවාල ලැබු අනෙක් පුද්ගලයින් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.
257 Views
Comments