බස් නැවතුමට කඩා වැදුන ලොරිය 10ක් රෝහලට යවයි

මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගයේ ලංගම ප්‍රධාන බස් නැවතුම් පළ අසල සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් කාන්තාවන් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.
මහියංගනය සිට මහනුවර දෙසට ධාවනය වු ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ලංගම ප්‍රධාන බස් නැවතුම් පළ ඉදිරිපිට ඇති බස් නැවතුම් ස්ථානයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.
අනතුරින් බස් නැවතුම් පළේ රැඳී සිටි කාන්තාවන් 08 දෙනෙකු, පිරිමි පුද්ගලයෙකු සහ අවුරුදු 7 කුඩා දරුවෙකු තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.
සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවය.
ඒ අනුව අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.
213 Views
Comments