තරුණයින් රවටා අමුතු ක්‍රමයකට මුදල් ගැරූ කතට නතරවෙන්න වූ තැන

සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා ලබාදීමට රු 5,015,000ක මුදලක් ලබා ගෙන සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සංචාරක වීසා මගින් මැලේසියාවට යාම සඳහා පසුගිය 4 වන දින ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී අදාළ පුද්ගලයින්ගේ ලේඛන පිළිබඳව සැක සිතූ විදේශසේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් ඔවුන්ගෙන් වැඩිදුර කරුණු විමසීමේදී මැලේසියාවේ රැකියා සඳහා යන බව තහවුරු කරගෙන ඇත.
පසුව ඔවුන්ගේ විදේශගත වීම වළක්වා විදේශසේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත ඔවුන්ව භාරදී තිබේ.
විමර්ශන නිලධාරීන් ඔවුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ කාන්තාවකට මුදල් ගෙවා මෙලෙස විදේශගත වීමට වීසා ගෙන්වා ගත් බවය.
ඒ අනුව විමර්ශන නිලධාරීන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට තංගල්ල ප්‍රදේශයේ ඇයගේ නිවසට ගිය ද ඒ වනවිටත් ඇය නිවසෙන් පළා ගොස් තිබුණි.
පසුව එම කාන්තාවගේ පුත්‍රයාට විදේශසේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.
එහිදී අදාළ කාන්තාව සිය ස්වාමියා සමග පැමිණ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබා පසුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
පැමිණිලිකරුවන්ගෙන් ලබාගත් සියලුම මුදල් ගෙවන බවට ද අදාළ කාන්තාව අධිකරණයේ දී පොරොන්දු වී ඇත.
234 Views
Comments