ස්ථාවර මිලකට බිත්ත දෙන්නයි නිෂ්පාදකයන්ගෙන් වෙළඳුන් ඉල්ලයි

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ පවසන ආකාරයට රුපියල් 53ක මිලට වෙළඳසැල් වෙතින් පාරීභෝකයින්ට ලබා දිය හැකියාව ඇතත් බිත්තර නිෂ්පාදකයින් බිත්තර ස්ථාවර මිලක් යටතේ ලබා නොදීම එය අපහසු වීමට හේතුව ලෙස සදහන් වේ.
නිෂ්පාදකයින්ට සුදු බිත්තරයක් රුපියල් 49කට සහ රතු බිත්තරයක් රුපියල් 50කට වෙළඳුන්ට ලබා දීමට නිෂ්පාදකයන් පියවර ගන්නේ නම් පාරිභෝගික ජනතාවට යම් සහනයක් සැළසිය හැකි බවට එතුමා වැඩි දුරටත් පවසයි.
උත්සව සමය හේතුවෙන් මේ වනවිට බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පැවතිය ද මේ වනවිට වෙළඳපොලේ බිත්තර හිඟයක් නිර්මාණය වී ඇති අතර පවතින බිත්තර ද අලෙවි වන්නේ රුපියල් 60ත් 70ත් අතර මිලකටයි.
196 Views
Comments