AUG
23
පැතුම් කර්නර්ව අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු

අධිකරණයේ පෙනී නොසිටි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ පැතුම් කර්නර්ව අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(23) වරෙන්තු නිකුත් කර තිබේ.
පසුගියදා පොල්දූව මංසන්ධියේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගොනුකර තිබෙන නඩුවක් අද දිනයේ කැඳවිය.
එම අවස්ථාවේදී සැකකාර පැතුම් කර්නර් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කෙරුණි.
292 Views
Comments