AUG
16
කාබනික කෘෂිකර්මාන්ත ව්‍යාපෘතියේ පාඩුව රුපියල් මිලියන 60,000කට වැඩියි - නාමල් කරුණාරත්න

පසුගිය රජය ක්‍රියාත්මක කළ කාබනික කෘෂි කර්මාන්ත ව්‍යාපෘති නිසා රුපියල් මිලියන 60,000කට අධික මුදලක් රජයට අහිමි වූ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
නාමල් කරුණාරත්න මහතා වැඩි දුරටත් ප්‍රකාශකරන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.
මේ අතර වී වගාව සඳහා ලබාදෙන පොහොර සහනාධාරය තමන්ට ද ලබා දෙන ලෙස හාලිඇල ප්‍රදේශය එළවළු ගොවීන් ඉල්ලා සිටියි.
314 Views
Comments