අවුරුදු 16ත් 20ත් අතර පාසල් දරුවන්ට අර්ධකාලීන රැකියා කිරීමට අවසර

අවුරුදු 16ත් 20ත් අතර පාසල් දරුවන්ට පෞද්ගලික සමාගම් වල අර්ධ කාලීන රැකියා අවස්ථා ලබා ගැනීමට හැකිවන පරිදි නීති සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ළමයින් රැකියා කිරීමේ පරිසරයකට හුරු නොවීම නිසා කම්කරු ක්ෂේත්‍රයේ ගැටලු රැසක් මතුව ඇති බවයි විෂයභාර අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී පවසා තිබෙන්නේ.
ඒ හේතුවෙන් මෙම වයස්වල පසුවන තරුණ තරුණියන්ට මසකට පැය 20ක කාලයක් අර්ධ කාලීන රැකියා සිදු කිරීමට අවස්ථාව ලබාදීමටයි එහිදී තීරණය වී තිබෙන්නේ.
298 Views
Comments