පොලිස් නිලධාරිනියක්ව පැහැරගෙන ගිය මෝටර් රථයට වෙඩි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

පොලිස් නිලධාරිනියක්ව පැහැරගෙන ගිය මෝටර් රථයට වෙඩි

පොලිස් නිලධාරිනියක්ව පැහැරගෙන ගිය මෝටර් රථයට වෙඩි

සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර එය පොලීසියට රැගෙන යාමට කටයුතු කළ අවස්ථාවේදී අදාළ පොලිස් සැරයන්වරියද සමග නොනවත්වා පළා ගිය මෝටර් රථයකට පොලීසිය විසින් ඊයේ(01) වෙඩි තබා තිබෙනවා.

අඹන්පොල පොලිස් ස්ථානය පසුකර මෝටර් රථය නොනවත්වා අධික වේගයෙන් ධාවනය කිරීම නිසා පොලිස් කණ්ඩායමක් රථය ලුහුබැඳ කිලෝමීටර් හතක් පමණ දුරක් ගොස් නිකවලයාය ප්‍රදේශයේ දී අදාළ රථයට වෙඩි තැබීමටයි පියවර ගෙන තිබුණේ.

පසුව අදාළ මෝටර් රථය අල්ලාගෙන ඇති අතර එහි තිබී හෙරොයින් පැකට් කිහිපයක් ද හමුවී තිබෙනවා.

මෝටර් රථය පැදවූ රියැදුරු සහ එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

views

303 Views

Comments

arrow-up