කැරලිකරුවන් ආයුධ සන්නද්ධ වීමේ සූදානමක්?

පාර්ලිමේන්තුවෙන් පිටත පාලනයක් ගෙන යාමට කැරලිකරුවන්ට අවශ්‍ය පරිදි ඉඩ ලබාදිය නොහැකි බව අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් රාජ්‍ය දේපලවලට හානි කරමින් ආයුධ අතට ගැනීමට පුද්ගලයන් පිරිසක් බලා සිටින බවත් හෙතෙම පැවසීය.
ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ජනාධිපති ලේකම් කාර්යාලය කැරලිකරුවන්ගෙන් හමුදා විසින් මුදාගනු ලැබුවේ රාජ්‍යය ආරක්ෂා කිරීමට පැවරුණු රාජකාරිය වෙනුවෙන් බවද හෙතෙම කියා සිටියේය.
කෙසේ වුවත් අරගලයේ මතවාදය ඉදිරියට ගෙන යාමට කිසිදු බාධාවක් නැති බවත් පැවසූ ඔහුි“ගෝඨා ගෝ ගම” විරෝධතා පරිශ්‍රය ඉවත් නොකරන බවත් කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
320 Views
Comments