QR ක්‍රමයේ දින සංශෝධනයක් - 21 කොළඹින් වැඩේ පටන් ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

QR ක්‍රමයේ දින සංශෝධනයක් - 21 කොළඹින් වැඩේ පටන් ගනී

QR ක්‍රමයේ දින සංශෝධනයක් -  21 කොළඹින් වැඩේ පටන් ගනී

එලැඹෙන ලබන 21 වැනිදා සිට ක්‍රියාත්මක ජාතික ඉන්ධන අවසර පත්‍රය යටතේ ඉන්ධන ලබා දීමේ නව ක්‍රමයෙහි දිනයන්හී සංශෝධනයක් සිදු කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

 

අමාත්‍යවරයා සඳහන් කළේ ලබන 21 වැනිදා සිට 24 වැනිදා දක්වා අත්හදා බැලීමක් ලෙස මෙම QR ක්‍රමය කොළඹ ප්‍රදේශයේ තෝරාගත් ස්ථාන කිහිපයක සිදු කරන බවත් මෙම ක්‍රමය ලබන 25 වැනිදා සිට දීඝ ව්‍යාප්තව සිදු කිරීමට කටයුතු කරන බවත්ය.

 

මෙම සංශෝධනයට අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 0,1,2 නම් අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවලදී ඉන්ධන ලබාගත හැකියාව පවතින අතර වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 3,4,5 නම් බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවලදී ඉන්ධන ලබාගත හැකිය.

 

එසේම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 6,7,8,9 නම් සඳුදා, බදාදා, සහ සිකුරාදා දිනවලදී ඉන්ධන ලබාගත හැකිය. තවද අද පස්වරු 4.00 වන විට QR කේතය ලබා ගැනීම සඳහා මිලියන 2ක පිරිසක් මේ සඳහා ලියාපදිංචි වී තිබෙනවා.

views

289 Views

Comments

arrow-up