ඉන්ධන පිරවුම්හලකදී පොලිස් නිලධාරීන්ට පහර දුන් අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

ඉන්ධන පිරවුම්හලකදී පොලිස් නිලධාරීන්ට පහර දුන් අයෙක් අත්අඩංගුවට

ඉන්ධන පිරවුම්හලකදී පොලිස් නිලධාරීන්ට පහර දුන් අයෙක් අත්අඩංගුවට

තඹුත්තේගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක රාජකාරියේ නිරතවී සිටි පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි පුද්ගලයන්ට බාධා වන අයුරින් රථවාහන ඇතුලු කිරීමට ඔහු උත්සහ කර ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් එය නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අවස්ථාවේ දී අදාළ පුද්ගලයා පොලිස් නිලධාරීන්ට බැන වැදී පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරු රාජාංගනය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.

views

276 Views

Comments

arrow-up