ජපන් යවන්න පාසල් මට්ටමින් සූදානමක්

දැනට පාසල් තුළ ක්‍රියාත්මක වන තාක්ෂණික විෂය ධාරාව යටතේ ජපන් භාෂාව සහ ඉංග්‍රීසි විෂය ඉගැන්වීමටත් ජපානය ඉලක්ක කරගත් සාත්තු සේවා, ආගන්තුක සත්කාර, ගොඩනැගිලි පිරිසිදු කිරීම, කෘෂිකාර්මික කටයුතු, මෝටර් රථ කාර්මික හෝ විදුලි හා විද්‍යුත් කාර්මික කුසලතා වර්ධනය කිරීමටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ශ්‍රී ලංකාව හා ජපානය අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම යටතේ ක්ෂේත්‍ර දාහතරක් යටතේ රැකියා සඳහා ඉදිරිපත්වීමට ලාංකිකයන්ට අවස්ථාව තිබෙනවා.
ඒ සඳහා ජපන් භාෂා ප්‍රවීණත්වය අත්‍යවශ්‍ය සාධකයක් බැවින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ.
307 Views
Comments