මැර කණ්ඩායමක් ඇල්ලූ කඩුවෙල OIC, පලාගිය රථයට වෙඩි තබයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

මැර කණ්ඩායමක් ඇල්ලූ කඩුවෙල OIC, පලාගිය රථයට වෙඩි තබයි

මැර කණ්ඩායමක් ඇල්ලූ කඩුවෙල OIC, පලාගිය රථයට වෙඩි තබයි

කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඛාන් වීරසිංහ මහතාගේ සැලකිලිමත්භාවය නිසා අපරාධයක් කිරීමට සූදානම්ව සිටි මැර කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

 

කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයා කඩුවෙල රන්කඩු දේවාලයේ වාර්ෂික දේව ‍ප්‍රතිමා ප්‍රදර්ශන උත්සව පෙරහරේ රාජකාරි නිමා කර පොලිස් ස්ථානය වෙත පැමිණෙන විට ඉන්ධන පිරවුම්හලක් අසල ආයුධ අත දරාගෙන සිටින පිරිසක් සිට ඇත.

 

 එය දුටු ස්ථානාධිපතිවරයා පොලිස් රථය එහි නවත්වා තිබේ.

 

එම අවස්ථාවේ දී මැර කල්ලිය ඔවුන් පැමිණි ජීප් රථයට නැගී පළා යාමට උත්සාහ කර ඇත.

 

ඒත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරයා ජීප් රථයට වෙඩි තබා ඇත.

 

කෙසේ වෙතත් මැරකල්ලිය එම ස්ථානයෙන් පලා ගිය ද මීටර් 100ක් පමණ දුරකින් අදාළ රථය අතහැර දමා පලායාමට උත්සාහ කර ඇත.

 

එහි දී ක්‍රියාත්මක වූ පොලීසිය එම පිරිසෙන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර එකයි අයෙකු පලාගොස් තිබේ.

 

අත්අඩංගුවට ගත් අය සතුව තිබී වක් පිහියක් සමඟ කඩු 03ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් පොලිසිය සොයාගෙන තිබුණි.

 

වැඩිදුර විමර්ශනවලදී හෙලි වී ඇත්තේ කඩුවෙල ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවකුගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙම පිරිස පැමිණ ඇති බවයි.

 

සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පළා ගිය සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇත.

 

views

323 Views

Comments

arrow-up