අමතක වී ගිය බැංකු කාඩ් එක දැක්ක තරුණයන්ට කොස්තාපල් සිහිනයත් අමතකවෙලා - දෙලක්‍ෂ තිස්දාහක රන්බඩු හා ආහාර අරන්

පොලිස් කොස්තාපල් තනතුරට අයදුම් කළ තරුණයින් දෙදෙනෙක් කහතුඩුව, පොල්ගස් ඕවිට ඒ.ටී.එම් යන්ත්‍ර කුටියක අමතකව දමා ගිය බැංකු කාඩ් පතක් සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
ඔවුන් දෙදෙනා එම කාඩ්පත් උපයෝගී කරගෙන මිලදී ගත් රන් භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍යද පොලිස් භාරයට ගෙන තිබේ.
අලූත්ගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ගැනීමට පසුගිය 31 වනදා පැමිණි අවස්ථාවකදී බැංකු කාඩ්පත අමතක වී දමා ගොස් ඇත.
සැකකරුවන් විසින් එම කාඩ්පතින් කහතුඩුව ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලකින් හාල්, පිටි, පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් ලබාගෙන බැංකු කාඩ්පත ලබාදී ඇති අතර ඒ මොහොතේම බැංකු කාඩ්පත් හිමියාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබීමත් සමඟ තම බැංකු කාඩ්පත නැති වී ඇති බව ඔහු දැනගෙන තිබූ බව පොලිසිය කියයි.
තමන් පොලිස් කොස්තාපල් තනතුරට මීට දින කිහිපයකට ඉහතදී අයදුම් කර ඇති බැවින් තමන්ට සමාව දෙන ලෙස සොරකමේ යෙදුණු තරුණයන් පොලිස් නිලධාරීන්ට ආයාචනා කර තිබේ.
සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
676 Views
Comments