යතුරුපැදියක ගැටී කාන්තාවක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

යතුරුපැදියක ගැටී කාන්තාවක් ජීවිතක්‍ෂයට

යතුරුපැදියක ගැටී කාන්තාවක් ජීවිතක්‍ෂයට

ග්‍රෑන්ඩ්පාස් බේස්ලයින් මාර්ගයේ ඊයේ පෙරවරුවේ යතුරුපැදියක කාන්තාවක් ගැටීමෙන් ඇය මිය ගිය බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.  

 

අනතුරින් මියගොස් තිබෙන්නේ වයස අවුරුදු පනස් දෙකක් වූ වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි. 

 

බේස්ලයින් මාර්ගයේ සිට නව කැළණි පාලම ප්‍රදේශය හරහා පෑලියගොඩ දෙසට යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී මාර්ගය හරහා ගමන් ගත් මෙම කාන්තාවගේ ඇඟේ ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

 

අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

701 Views

Comments

arrow-up