වෑන් රථය කොහොඹ ගසේ ගැටී රියැදුරු මරුට - දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

වෑන් රථය කොහොඹ ගසේ ගැටී රියැදුරු මරුට - දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහලට

වෑන් රථය කොහොඹ ගසේ ගැටී රියැදුරු මරුට - දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහලට

කරුවලගස්වැව, පහරිය ප්‍රදේශයේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටී සිදුවූ අනතුරකින් 74 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් කුඩා දරුවෙකු හා තවත් අයෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත්කොට තිබේ.

 

වෙන්නප්පුව, ලූණුවිල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන රොබට් ආතර් අමරතුංග නැමත්තා මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත.

 

මියගිය පුද්ගලයා අනුරාධපුර රෝහලේ සේවය කරන වෛද්‍යවරියක වන තම දියණිය බැලීමට ගොස් ආපසු වෙන්නප්පුව බලා ගමන් කරමින් සිටියදී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල කොහොඹ ගසක ගැටී අනතුර සිදුව තිබේ. 

 

අනතුරින් බරපතල තුවාල ලබා සිටි 74 හැවිරිදි දෙදරු පියා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය කියයි. 

 

කරුවලගස්වැව පොලිසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.

views

758 Views

Comments

arrow-up