සෑම ආසාදිතයෙකුගෙන්ම කොවිඩ් පොකුරක්

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසන ආකාරයට දැනට වාර්තා වන සෑම එක් කොවිඩ් ආසාදිතයෙකුගෙන් ම කොවිඩ් පොකුරු ඇති වීමේ අවදානමක් පවතින බවයි.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මේ බව ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා සදහන් කලේ,
"දැනටත් අපි කියනවනේ හතරවෙනි රැල්ලක් ඒවි කියලා අපි කියනවානේ. මං හිතන්නේ භාවිතයට ඇවිල්ලා තියෙනවා. අපිට ඉදිරියේ දී දැනගන්නට පුළුවන් වේවි හතරවෙනි රැල්ලක් වගේ ඉහළට යාවි ද කියලා. රෝගීන්ගේ තොරතුරු වසංගත රෝග විද්‍යාංශය මඟින් ඉදිරිපත් කිරීමේ දී ඔවුන් විසින් පවසන ලද්දේ මෙය විසිරී ගිය තැන්වල වාර්තා වන රෝගීන් බවට. එක් තැනකින් ගොඩාක් ප්‍රමාණයක් නෙමෙයි. අපි හිතුවොත් පොකුරු ඇතිවීමේ ඉඩ කඩක් තමයි තියෙන්නේ. මේ හැම එක් රෝගියෙකුගෙන් ම පොකුරක් ඇති විය හැකියි. අපි ඉතාමත් ම පරිස්සම් වියයුතුයි."යනුවෙනි.
691 Views
Comments