Hippo Spirit චීන පොහොර නැව මුහුද මැදදීම Seiyo Explorer වෙයි!
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

Hippo Spirit චීන පොහොර නැව මුහුද මැදදීම Seiyo Explorer වෙයි!

Hippo Spirit චීන පොහොර නැව මුහුද මැදදීම Seiyo Explorer වෙයි!

අහිතකර බැක්ටීරියා වර්ග අඩංගු බව තහවුරු වීමෙන් පසුව ආපසු හරවා යවන ලද Hippo Spirit චීන කාබනික පොහොර නෞකාව මේ වන විට Seiyo Explorer නමින් එහි නම වෙනස් කර ඇති බව ඉන්දීය වෙබ් මාධ්‍යයක් වූ WION (The World is One News) වෙබ් අඩවිය අනාවරණය කොට ඇත.

 

මෙම චීන පොහොර නැව පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් රැගෙන Hippo Spirit නමින් සැප්තැම්බර් 22 වැනිදා චීනයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට පිටත්ව තිබිණ.

 

ඉන්පසු නැව සිංගප්පූරුව බලා පිටත් වූ බව වාර්තා විය.

 

සජීවී AIS (automatic identification system) වාර්තා අනුව පෙන්වා තිබුණේ නෞකාව දින කිහිපයක් මලක්කා සමුද්‍ර සන්ධියෙන් ඔබ්බට නැංගුරම් ලා තිබූ බවයි.

 

AIS වාර්තා මඟින් Hippo Spirit නෞකාවේ මීළඟ ගමනාන්තය කොළඹ බව පෙන්වා දී තිබිණ.

 

Hippo Spirit සහ Seiyo Explorer හි එකම IMP (International Maritime Organization) අංකය ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. එය IMO අංක 9135523 යි. IMP නැව් හඳුනාගැනීමේ අංකය යනු ඉලක්කම් හතක අංකයක් වන අතර කොඩි, හෝ අයිතිකරුවන්ගේ කිසිදු වෙනසක් නොතකා එය යාත්‍රාවක ජීවිත කාලය පුරාම නොවෙනස්ව පවතින අංකයකි.

 

Seiyo Explorer දැනටමත් ශ්‍රී ලංකා මුහුදේ ගිනිකොන දෙසින් පිහිටා ඇති බව යාත්‍රා ලුහුබැඳීමේ දත්ත පවසයි.

views

1093 Views

Comments

arrow-up