NOV
02
හාල් හිඟ වුණොත් මඤ්ඤෙක්කා, මුං. බතල කන්න – ඇමති චමල් රාජපක්ෂ

ඉදිරියේදී රටේ හාල් හිඟ වුවහොත් මඤ්ඤෙක්කා, මුං. බතල කෑමට ජනතාවට හුරුවීමට සිදුවන බව වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.
අතීතයේ ගම්වල ජනතාව වැඩි වශයෙන් මඤ්ඤෙක්කා වැනි දෑ ආහාරයට ගැනීම හේතුවෙන් පිළිකා තත්ත්වයන් අවම කර ගැනීමටද දායක වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඊයේ (01) ශ්‍රී දළදා යල් අස්වනු පූජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පලකළා.
944 Views
Comments