“පැවරූ වගකීම් ගැන මාස හතරකින් බලාගන්න” - ඥානසාර හිමි

එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරය තමන්ට හිමිවීම පිළිබඳව වෙනත් ජාතීන්ට අයත් ජනතාව කලබල විය යුතු නැතැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
තම අතීත භාවිතාව හේතුවෙන් ඇතැමුන්ට විවිධ විවේචන තිබිය හැකිමුත් එම සියලු අරගල සිදුකළේ රට තුළ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සම්බන්ධව විසඳුම් සෙවීමට බවත්, විවිධ නීති රීති නිසා මතුවන නරක නපුරු ආතතීන් පිළිබඳව කතා කරද්දී ඇතැමුන් එය වැරදියට වටහා ගත් බවත් උන්වහන්සේ පැවසූහ.
තමා ඇතුළු ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරූ රාජකාරිය නිසි ලෙස ඉටුවන්නේද යන්න මාස හතරෙන් පසුව බලාගත හැකි බවද කී ඥානසාර හිමියෝ එදිනට සියලුදෙනා එම වැඩපිළිවෙල වටා ඒකරාශි වනු ඇතැයිද සඳහන් කලහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ(01) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
‘“එක රටක් තුළ එක නීතියක්” නිර්මාණය කිරීම උදෙසා පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අරමුණු එහි සාමාජිකයන් හා එක්ව නොපිරිහෙලා ඉටුකිරීමට බලාපොරොත්තු වන පැවසූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ රටේ අනාගත පරපුර “එක රටක්, එක නීතියක් එක ජාතියක්, එක කොඩියක්” යටතට එකතු කිරීමට සමත් නීතිමය රාමුවක් ගෙන ඒම තම අපේක්‍ෂාව වන බවද සඳහන් කළහ.
684 Views
Comments