ගර්භණී මව්වරුන්ටත් බූස්ටර් එන්නත

ගර්භණී කාන්තාවන් සඳහා ද තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිවනු ඇති බව දැනට වාර්තා වේ.
මේ බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සංගමයේ ලේකම් චාමින්ද මහතොට මහතා අදහස් ප්‍රකාශ කළේය.
"ඒ කාලයේ මියගිය ගර්භණී මව්වරු කිසිම කෙනෙක් එන්නත්කරණයට ලක්ව සිටියේ නෑ. එන්නත ලබාගත්ත කිසිම ගර්භණී මවක් මියගිය බවට අපට වාර්තා වුණේ නැහැ. විශේෂයෙන් ම ගර්භණී කාන්තාවන් සඳහා තුන්වන මාත්‍රාවක් ලබාදෙන විදියට අපි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යරුන්ගේ විද්‍යාතනය විදියට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරා. මං හිතන්නේ ඒ ඉල්ලීම බෝවන රෝග පිළිබඳ උපදේශන කමිටුව මඟින් අනුමත කරලා තියෙනවා. ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක් ලබාදේවි."
722 Views
Comments