වැසි තත්වය තවදුරටත් - මුහුදු යෑමේදී අවධානයෙන් පසුවන්නැයි කාලගුණයෙන් ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

වැසි තත්වය තවදුරටත් - මුහුදු යෑමේදී අවධානයෙන් පසුවන්නැයි කාලගුණයෙන් ඉල්ලීමක්

වැසි තත්වය තවදුරටත් - මුහුදු යෑමේදී අවධානයෙන් පසුවන්නැයි කාලගුණයෙන් ඉල්ලීමක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ.

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

 

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මි. (40-50) පමණ තද සුළං ඇතිවිය හැක.

 

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වනවිට මධ්‍යම අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවති. මෙය වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් 17 දින පමණ වනවිට බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී පීඩන අවපාතයක් බවට පත්විය හැකි අතර පසුව මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, නොවැම්බර් 18 දින පමණ වනවිට ඉන්දියාවේ දකුණු අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ වෙත ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතී.

 

දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිතව ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සහ ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

 

කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත හෝ බස්නාහිර දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වේ. කන්කසන්තුරය සිට මන්නාරම,කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (55-60) පමණ දක්වා වැඩි විය හැකියි.

 

කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවියහැකි අතර සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

741 Views

Comments

arrow-up