16 හැවිරිදි පාසල් සිසුවියක් නරුමයින් තිදෙනෙකු පැහැරගෙන යයි, පාළු නිවසේ දැරිය අපයෝජනයෙන් බේරුණ හැටි

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී 16 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගිය බව කියන සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත්දා දහවල් ඇය පාසලින් පිටතට පැමිණි අවස්ථාවේදී පුද්ගලයින් තිදෙනෙකු ඇය බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයකට නංවාගෙන පලාගොස් තිබෙන අතර පසුව සෙවනගල ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් තිබේ.
නිවසේ උඩු මහලේදි පුද්ගලයෙකු ඇය අපයොජනය කිරීමට උත්සාහ කර ඇති බවත් සිසුවිය සිදු කරන ලද පහරදීමෙන් එය අසාර්ථක වී ඇති බව පොලිසිය කියයි.
අනතුරුව එම ස්ථානයෙන් පලාගිය දැරියට නිවසට යාම සඳහා මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු උදව් කර ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
දැරිය දැනට රෝහල්ගත කර ඇති අතර අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් පවතින බව පොලීසිය සඳහන් කළේය.
1501 Views
Comments