14 හැවිරිදි සිසුවා බිළිගත් කෝන් ගසෙන් ආ මාරයා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
17

14 හැවිරිදි සිසුවා බිළිගත් කෝන් ගසෙන් ආ මාරයා

14 හැවිරිදි සිසුවා බිළිගත් කෝන් ගසෙන් ආ මාරයා

හේනක නවතා තිබූ රෝද හතරේ ට්‍රැක්ටරයක රියදුරු අසුනේ වාඩිවී සිටි හොරොව්පොතාන, මොරවැව ප්‍රදේශයේ දාහතර හැවිරිදි සිසුවෙකු ගේ හිස මතට ඒ ආසන්නයේ ගිනි ගනිමින් තිබූ කෝන් ගසක් ඊයේ(16) දහවල් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලීසිය පවසයි.

 

හොරොව්පොතාන දුටුවව ප්‍රදේශයේ පදිංචි, දුටුවැව මහා විද්‍යාලයේ 09වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සුන්දර සේනගේ චම්පික සුන්දර සේන නැමැති සිසුවෙක් මෙලෙස මියගොස් තිබේ.

 

මියගිය සිසුවා සිය ඥාති සොහොයුරෙකුගේ ට්‍රැක්ටරයක නැගී උදෑසන මොරවැව හේන් යායට පැමිණ ඇත්තේ සී සාන ආයුරු බලා සිටීමට බව පොලිසිය පවසයි. 

 

ඔවුන් සමඟ තවත් ට්‍රැක්ටරයක්ද ඒ මොහොතේ එම හේන් යායේම සීසාමින් තිබී ඇති අතර එම ට්‍රැක්ටරයේ කාර්මික දෝෂයක් හටගෙන ඇත.

 

පසුව මියගිය සිසුවාගේ ඥාති සොහොයුරා තම ට්‍රැක්ටරය අසල තිබූ කෝන් ගසක් අසල නවතා කාර්මික දෝෂය ඇති වූ ට්‍රැක්ටරය පරික්ෂා කිරීමට ගොස් තිබේ.

 

ඒ මොහොතේ මියගිය සිසුවා ඥාති සොහොයුරා පැදවූ ට්‍රැක්ටරයේ රියදුරු අසුනට නැග වාඩිවී සිට තිබෙන බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි. 

 

ඒ අවස්ථාවේදී ට්‍රැක්ටරය ආසන්නයේ තිබු ගිනිගෙන වැටීමට ආසන්නව තිබූ කෝන් ගස සිසුවාගේ හිස මතට වැටී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

 

සිදුවීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා 1990 සුවසැරිය ගිලන් රථයකින් රෝහලට පිටත් කිරීමට ඒ මොහොතේ එම ස්ථානයේ සිටි පිරිස කටයුතු කර තිබුණත් ඔහු අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබුණි.

views

876 Views

Comments

arrow-up