සොර කල්ලියක් නිවසකට කඩා පැන නිවැසියන්ගේ අත්පා ගැටගසා කොල්ලකෑමේදී කාන්තාවක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

සොර කල්ලියක් නිවසකට කඩා පැන නිවැසියන්ගේ අත්පා ගැටගසා කොල්ලකෑමේදී කාන්තාවක් මරුට

සොර කල්ලියක් නිවසකට කඩා පැන නිවැසියන්ගේ අත්පා ගැටගසා කොල්ලකෑමේදී කාන්තාවක් මරුට

ගම්පහ, මල්වතු හිරිපිටිය, පැපොල්ගස්දෙණිය ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

 

පොලීසිය පැවසුවේ ඊයේ(09) මධ්‍යම රාත්‍රියේ අදාළ නිවසට කඩාවැදුණු සොරුන් පිරිසක් විසින් එම කාන්තාව සහ ඇගේ තවත් ඥාති සහෝදරියක් අත්පා ගැටගසා නිවස කොල්ලකා පලාගොස් ඇති බවයි.

 

එහිදී අත් පා ගැටගසන ලද නිවසේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාව මියගොස් ඇතැයි පොලීසිය පැවසීය.

 

දිවි බේරාගත් 52 හැවිරිදි කාන්තාව පොලීසියට කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදු කෙරෙන බව පොලිසිය පැවසීය.

views

934 Views

Comments

arrow-up