යළි වර්ජන කරොත් වර්ජකයන්ට වෙනදේ මහජන ආරක්‍ෂක ඇමති කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

යළි වර්ජන කරොත් වර්ජකයන්ට වෙනදේ මහජන ආරක්‍ෂක ඇමති කියයි

යළි වර්ජන කරොත් වර්ජකයන්ට වෙනදේ මහජන ආරක්‍ෂක ඇමති කියයි

යළිත් වර්ජන පැවතියහොත් ඊට එක්වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. 

 

මෙරට ජනතාව කොවිඩ් වෛරසයෙන් ආරක්‍ෂාකර ගැනීම සඳහා එවැනි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

 

මේ අතර සියලු‍ දෙනා එක්ව එකාවන්ව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වුවහොත් මෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කිරීමට හැකිවනු ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 

 

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත්කළේ සියලු‍ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වනු ඇතැයි අපේක්‍ෂාවෙන් බවයි.

views

751 Views

Comments

arrow-up