OCT
03
බස්නාහිර හදීසි මෙහෙයුමකදී 1156ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ සිදු කල විශේෂ වැටලීමකදී විවිධ වැරදි සඳහා පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති,දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කලේ ඊයේ උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා කාලය තුල බස්නාහිර පළාත අාවරණය වන ලෙස සිදු කල විශේෂ වැටලීමකදී වරෙන්තුකරුවන් 531 ක් අත්අඩංගුවට ගෙන අැති බවයි.
මෙම මෙහෙයුමේ දී වරෙන්තුකරුවන් ඇතුළු විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 1156 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
743 Views
Comments