ජපානයට අයත් විශාල යුද නැව් 3ක් එකවර කොළඹ වරායට (PHOTOS)

ජපන් ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් බහුකාර්ය ඩිස්ට්‍රෝයර් යුද නෞකා තුනක් ඊයේ(02) නිල සංචාරයකට කොළඹ වරායට ළඟා විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව එම යුද නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.
ජපන් ඩිස්ට්‍රෝයර් නෞකා වන “කාගා, මුරසමී සහ ෆුයුසුකී” යන නෞකා මෙලෙස කොළඹ වරායට සේන්දු වූ අතර “ෆුයුසුකී” යුද නෞකාව දිගින් මීටර 151 සහ නැවියන් 220 කගෙන් සමන්විතවේ.
මෙම නෞකාව සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු අද(3) පිටත්ව යාමට නියමිතව තිබිණි.
“කාගා” යුද නෞකාව දිගින් මීටර 248 ක් සහ නැවියන් 210 කගෙන් සමන්විත වන අතර “මුරසමී” යුද නෞකාව දිගින් මීටර 151 ක් සහ නැවියන් 200ක ගෙන් සමන්විතය.
ඕස්ටේ්‍රලියාවේ සිට කොළඹ වරායට සේන්දු වූ එම නෞකා දෙක සංචාරය තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවැත්වෙන ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව හෙට(4) පිටත්ව යාමට නියමිතය.
752 Views
Comments