ජාතික රෝහලේ තවත් අංශයක් ඇණ හිටී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

ජාතික රෝහලේ තවත් අංශයක් ඇණ හිටී

ජාතික රෝහලේ තවත් අංශයක් ඇණ හිටී

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කළේ ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවවේදී අංශය මාස දෙකක කාලයක සිට අක්‍රීයව පවතින බවයි.

 

 

මේ හේතුවෙන් මසකට රුපියල් ලක්ෂ 300ක පමණ පරීක්ෂණ පෞද්ගලික රසායනාගාර වෙත යොමුකරන බව එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

 

 

රවි කුමුදේෂ් මහතා ප්‍රකාශ කළේ මුත්‍රා පරික්ෂණ, සෙම පිළිබඳව ක්ෂුද්‍රජීවවේදී පරීක්ෂණ, ප්‍රතිජීවක ඖෂධ සංවේදීතාවය පිළිබඳ පරීක්ෂණ ඇතුළු පරික්ෂණ රැසක් මේ වන විට නතර වී ඇති බවයි.

 

 

ඒ සම්බන්ධයෙන් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් විමසීමක් සිදු කරන ලදී.

 

 

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ අදාළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

 

 

views

178 Views

Comments

arrow-up