අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග යුධ හමුදා සෙබලෙක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මගින් යුධ හමුදා නිල හැදුනුම්පත භාවිත කරමින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් කළ හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගනු ලැබුණි.
මත්පෙති 2000කට ආසන්න ප්‍රමාණයක් සහ තවත් මත්ද්‍රව්‍ය රැසක් ඔහු ළඟ තිබී සොයා ගන්නා ලදී.
මුල්ලේරියාව ප්‍රදේශයේ දී මෙම වැටලීම විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව සිදු කෙරුණි.
ඔහු ලග තිබි මත්පෙති 1850ක් අයිස් ගෑම් 8ක් හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.
අවුරුදු 22ක් වන මෙම සැකකරු උඩහාමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි මොහු වැඩිදුර විමර්ශන සදහා මුල්ලේරියාව පොලිස් ස්ථානයට භාර තිබෙනවා.
2020 වසරේ නිත්‍යානුකූල නොවන අයුරින් ඔහු යුද හමුදා සේවයෙන් ඉවත් ඇති බව වාර්තා වේ.
237 Views
Comments