ප්‍රංශ තානාපති අනුර කුමාර දිසානායක හමුවේ

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්‍රාන්සුවා පැක්ටෙට් මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (17) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
මෙම සාකච්ඡාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව තිබේ.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡාවට ලක්වී ඇති අතර ත්‍රස්තවිරෝධී පනත සහ මැතිවරණ කල් දැමීම යන ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයන් පිළිබඳවද අවධානය යොමු කර ඇත.
එසේම ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට මෙම වසරේ වසර 75 ක කාලයක් සම්පූර්ණ වීම පිළිබඳව ජාතික ජන බලවේගය සුභ පැතුම් පිරිනැමීමටද මෙය අවස්ථාවක් කර ගත් බව සඳහන් වේ.
228 Views
Comments