ඔරුවකින් ඉන්දියාවට පලාගිය පිරිසක් කොටුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

ඔරුවකින් ඉන්දියාවට පලාගිය පිරිසක් කොටුවේ

ඔරුවකින් ඉන්දියාවට පලාගිය  පිරිසක් කොටුවේ

ඔරුවක් ආධාරයෙන් අනාරක්ෂිත අයුරින් යාපනයේ සිට ඉන්දියාවට පලා ගිය පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් සමත්වී තිබෙනවා.

 

මෙම පිරිස වයස අවුරුදු දෙකක කුඩා දරුවකු ඇතුළු අට දෙනෙකුගෙන් සමන්විත වූ බවයි වාර්තා වන්නේ.

 

යාපනයේ සිට ඉන්දියාව බලා පලා ගිය මෙම පිරිස ගමන් කළෝ ඔරුව අතහැර ධනුෂ්කොඩි මුහුදු වෙරළට ලඟා වීමෙන් පසුවයි ඔවුන් මෙලෙස අත්අඩංගුවට පත් වී තිබෙන්නේ.

 

ඉන් පසු ඔවුන්ව ප්‍රශ්න කිරීම සඳහා ධනුෂ්කොඩි පොලිසිය වෙත භාර දී තිබෙනවා.

views

242 Views

Comments

arrow-up