JUN
29
මෙරට ආර්ථික 1.6% කින් පහළ බසී

මෙරට ආර්ථිකය වසරේ පළමු කාර්තුවේ දී 1.6% කින් පහළ බැස තිබෙන බව වාර්තා වෙනවා.
ඉන්ධන ආනයනයට මතු වූ විවිධ බාධා හේතුවෙන් නිෂ්පාදන ඉදිකිරීම් හා සේවා කර්මාන්තවල නිෂ්පාදන කටයුතු අඩාල වීමත් සමස්තයක් ලෙස කාර්මික අංශයේ ද සෘණ ආර්ථික වර්ධනයක් ඇති වීමත් මෙයට හේතුව බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් අර්බුදකාරී තත්ත්ව යටතේ වුවද පළමු කාර්තුව තුළ සේවා අංශයේ ආර්ථික වර්ධනය සුලු වැඩිවීමක් පෙන්නුම් කරන බවද ඔවුන් තවදුරටත් පෙන්වා තිබෙනවා.
273 Views
Comments