හොරාට මැණික් විකුණූ සමාගමක් හසුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

හොරාට මැණික් විකුණූ සමාගමක් හසුවේ

හොරාට මැණික් විකුණූ සමාගමක් හසුවේ

තක්සේරුව අඩු කර මැණික් අපනයනය කිරීමට තැත් කල පෞද්ගලික සමාගමක් ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ(21) අනාවරණය කරගෙන තිබෙනවා.

 

​​​​​​ශ්‍රී ලංකා නීතියට අනුව විදේශ රටකට මැණික් හෝ ස්වර්ණාභාරණ අපනයනය කිරීමේදී ඊට අදාල තක්සේරුවක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ලබාගත යුතුයි.

 

නමුත් අදාල සමාගම කැරට් 20,000ක් පමණ වන එම මැණික් තොගයේ වටිනාකම ඩොලර් 70,000ක් ලෙස වටිනාකම අඩුවෙන් යොදා තිබූ අතර එහි නියම වටිනාකම ඩොලර් 700,000 පමණ වන බවයි වාර්තා වන්නේ.

views

227 Views

Comments

arrow-up