වත්තලින් අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

වත්තලින් අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනේ

වත්තලින් අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනේ

පුද්ගලයෙකු වත්තල නගරයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 20ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව ඊයේ (14) එම මත්ද්‍රව්‍ය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටින විටදී වත්තල නගරයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සහ මෝටර් රථය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.

 

සැකකරු 37 හැවිරිදි මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි

 

views

737 Views

Comments

arrow-up