JUN
29
ජපාන තානාපති දෙමළ සන්ධානය හමු වෙයි

මෙරට ජපන් තානාපති මිෂුකොශි මිඩෙයිකි මහතා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙන බව වාර්තා වෙනවා.
යාපනයේ දී පැවති මෙම සාකච්ඡාවේදී පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද ජපන් ආධාර යටතේ උතුරු නැගෙනහිර සිදුකරන සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් ද ඔවුන් සාකච්ඡා කර තිබෙනවා.
එහිදී මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ ස්ථාපිත පොල්තෙල් නිෂ්පාදිත කර්මාන්තශාලාවක කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ද ජපාන තානාපතිවරයා එක් වී තිබුණා.
311 Views
Comments