ඩිජිටල් හැඳුනුම්පත් කරලියට

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ට නව ජාතික ඩිජිටල් හැදුනුම්පතක් හදුන්වාදෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.
ශ්‍රී ලංකා යුනික් ඩිජිටල් අයි ඩී ලෙස හඳුන්වන මෙම හැදුනුම්පත සාමාන්‍ය ජීව දත්ත වලට අමතරව පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු, රුධිර වර්ගය ඇතුළු ජීව විද්‍යාත්මක තොරතුරු ද ඇතුළත් කරමින් සකස් කෙරෙන බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහත්මිය ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව ඉදිරියේදී වයස අවුරුදු 15 ට වැඩි සියලු පුද්ගලයන් සඳහා වසර එකහමාරක කාලයක් තුලදී මෙම නව හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බව ද එතුමිය ප්‍රකාශ කර සිටියා.
253 Views
Comments