“දිගටම ඉන්ධන ඕනෑ නම් ඇපකරයක් අවශ්‍යයි” - ඉන්දියාව

තවදුරටත් ශ්‍රී ලංකාවට ණය පහසුකම් මත ඉන්ධන ලබාදීමට නම් ඒ සඳහා පිළිගත හැකි ඇපකරයක් ඉල්ලීමට ඉන්දියාවේ එක්සිම් බැංකුව පියවර ගනිමින් සිටින බවට ලංකා ඛනිජ තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් කීවේය.
මේ වනවිටත් ඉන්දීය රජයේ මැදිහත්වීම මත ඇමරිකානු ඩොලර් මිලියන 700 ක් වටිනා ඉන්ධන ප්‍රමාණයක් ඉකුත් කාලයේදී මෙරටට ලබාදී තිබිණි.
එම ණය යටතේ මෙරටට ලැබෙන මෙටි්‍රක් ටොන් හතළිස් දහසක් අඩංගු අවසන් ඩීසල් නෞකාව අද (16 ) කොළඹ වරායට ළඟාවීමට නියමිතය.
මේ අතර තවත් ඩොලර් මිලියන 500 ක ඉන්ධන ණය මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඉන්දියාව සමග සාකච්ඡා කර තිබෙන අතර මේ මොහොතේ රටේ ආර්ථික අර්බුදය හා ආර්ථික බංකොලොත්භාවය හමුවේ යම් කිසි ඇපයක් මත හෝ එය ලබාගැනීමට අවධානය යොමු වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
එලෙස තවත් රුපියල් මිලියන 500 ක ණය පහසුකමක් ලබාගනු ලැබුවහොත් ඉන්දියාවෙන් මෙරටට ලැබුණ ‘ක්‍රෙඩිට් ලයින්’ මුදල ඩොලර් මිලියන 1200 ක් බවට පත්වන බවද හෙතෙම කීය.
624 Views
Comments