හාල් හංගන්න බැරි වෙන්න මෝල්වලට නව නීති
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

හාල් හංගන්න බැරි වෙන්න මෝල්වලට නව නීති

හාල් හංගන්න බැරි වෙන්න මෝල්වලට නව නීති

සහල් මෝල් හිමියන්ට සහ මහා පරිමාණ වී ගබඩා හිමියන්ට ඉදිරියේදී එම ආහාර තොග රැස්කර  තබාගැනීමට නොහැකි වන සේ පාලනය වන පරිදි රජය විසින් නව නීති සම්පාදනය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.

 

සහල් මෝල් හිමියන් මුහුණදෙන මූල්‍ය ගැටලු‍ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ(15) අග්‍රමාත්‍ය කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයා මේ බව පැවසීය.

 

සහල් මෝල් හිමියන් ඉල්ලා සිටින ණය පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා නොදීම මෙන්ම සහල් තොග සඟවාගැනීම්ද සිදුවන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.

 

මේ අනුව ණය ලබාදීමේදී රජයේ මූල්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ණය ලබාදීමට කටයුතු කරන ලෙස රාජ්‍ය බැංකුවලට දැනුම්දුන් අගමැතිවරයා ණය ලබාදීමේ ප්‍රතිපත්ති නිරීක්‍ෂණය කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට සහ මහා භාණ්ඩාගාර නිලධාරීන්ටද දැනුම් දුන්නේය.

 

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීහු සහ රාජ්‍ය බැංකු හා වාණිජ බැංකුවල උසස් නිලධාරීහු ද සහභාගිවී සිටියහ.

views

626 Views

Comments

arrow-up