SEP
01
සමරිසි තරුණයින්ගෙන් අඩක්ම සියදිවි නසාගන්න යොමුවේ.

ඇමරිකාවේ වයස අවුරුදු 13 ත් 24 ත් අතර LGBTQ තරුණයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පසුගිය වසරේ සියදිවි නසා ගැනීමට යොමුව ඇත. මේ බව The Trevor විසින් සිදුකල සමීක්ෂණයකින් හෙලි වී තිබේ.
LGBTQ ප්‍රජාවේ පුද්ගලයින් 34,000 කට ආසන්න ප්‍රමාණයක් යොදාගෙන මෙම සමීක්ෂණය සිදු කරන ලදි.
ඒ අනුව 45% ක් පසුගිය වසරේ සියදිවි නසාගත යුතු බව බැරෑරුම් ලෙස සිතා ඇත. 14% ක් ඊට උත්සාහ කර තිබේ.
311 Views
Comments