සජබ සංවිධායකට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

සජබ සංවිධායකට ඇප

සජබ සංවිධායකට ඇප

හොරණ බොරළුගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී අබේරත්න හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (15) ඇප මත මුදා හැරුණි.

 

 

පෙරේදා (14) පස්වරුවේ ඔහුට අයත් ඉඩමකට ගිය අවස්ථාවේ එහි පිටස්තර පිරිසක් රැදී සිටිනු දැක, ඔවුන් සමග ඇති වූ ආරවුලක දී එහි සිටි දෙදෙනෙකු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පොරවකින් පහරදීමට උත්සාහ කර තිබූ අතර එම අවස්ථාවේ ඔහුට අයත් බලපත්‍ර සහිත පිස්තෝලයෙන් අහසට වෙඩි තබා පිරිස විසුරුවා හැරීමටයි කටයුතු කර තිබුණේ.

 

 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ හොරණ පොලිසිය 70 හැවිරිදි හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අතර එහිදී වෙඩි තැබීමට භාවිත කළ ගිනි අවිය සහ පතොරොම් 03ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

 

 

ඊයේ (15) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබිය.

views

225 Views

Comments

arrow-up