අයථා වත්කම් ඉපයීම සම්බන්ධ නඩුවට වසර 6ක් - තවමත් විභාග කර නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

අයථා වත්කම් ඉපයීම සම්බන්ධ නඩුවට වසර 6ක් - තවමත් විභාග කර නෑ

අයථා වත්කම් ඉපයීම සම්බන්ධ නඩුවට වසර 6ක් - තවමත් විභාග කර නෑ

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පැවරූ අයථා වත්කම් ඉපයීම සම්බන්ධ නඩුවට මේ වනවිට වසර 6ක් ගතවී ඇතත් මේ දක්වාම එම නඩු විභාගය ආරම්භ කිරීමට නොහැකි වී ඇති බව එම කොමිසම වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (15) ප්‍රකාශ කළාය.

 

විමල් වීරවංශ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත්තේ 2017 වසරේදී ය.

 

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු සමයේදී සිය නීත්‍යානුකූල ආදායමින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.

 

මෙම ප්‍රමාදය සලකා බලා විත්තියේ මූලික විරෝධතා සම්බන්ධයෙන් කඩිනමින් තීන්දුවක් ලබාදෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා සිටියේය.

 

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නඩුව ලබන ජුනි 16 වැනිදා කැඳීවීමට නියම කළේය.

views

213 Views

Comments

arrow-up