MAY
09
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පිරිසක් උතුරේදී දැලේ

නීති විරෝධී අයුරින් මසුන් ඇල්ලීමේ නිරත වූ ධීවරයන් හත්දෙනකු වන්කාල පුස්සදේව නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් වන්කාල වෙරළ තීරයේ සිට කිලෝමීටර් 5 ක් පමණ දුරින් මුහුදේ දී ඊයේ (08) දින අත්අඩංගුට ගෙන ඇති බව වාර්තා වේ.
ඔවුන් සතුව තිබී වෝටර් ජෙල් පුපුරන ද්‍රව්‍ය කරල් 10 ක්, විදුලි නොවන ඩෙටනේටර් 18 ක් හා අඩි දෙක හමාරක් පමණ දිග සේව නූලක් ද සොයාගෙන ඇති බව නාවික හමුදාව පවසා සිටී.
269 Views
Comments