නව මහබැංකු කෙටුම්පතක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා මැතිසබේට ලිපියක්

දැනට ඉදිරිපත්ව ඇති "ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත" වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන් ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත අද (09) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලිපියක් බාර දී ඇති බව වාර්තා වේ.
මෙම ලිපියට අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල් සහ වීරසුමන වීරසිංහ යන මන්ත්‍රීවරු අත්සන් තබා ඇති බව වාර්තා වේ.
350 Views
Comments