ලක්ෂ හයක කේරළ ගංජා සමග නොච්චියාගමදී කතක් දැලේ

නොච්චියාගම, විල්පත්තුව වනෝද්‍යානයට ගමන් කරන හංදිය අසලදී සිදු කෙරුණු පරීක්ෂාවකදී, ලක්ෂ 6 කට වැඩි කේරළ ගංජා තොගයක් සමග කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
නොච්චියාගම - පුත්තලම ප්‍රධාන මාර්ගයේ, විල්පත්තුව හන්දියේ රාජකාරි කරමින් සිටි නිලධාරීන් දෙදෙනෙකු විසින් යතුරු පැදියකින් ගමන් කළ කාන්තාවක් පරීක්ෂාවට ලක් කල අවස්ථාවේදී, සඟවාගෙන සිටි කේරළ ගංජා කිලෝ 1 යි ග්‍රෑම් 640 ක් සොයා ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නොච්චියාගම කලාඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක කාන්තාවක් බව සඳහන් වේ.
මෙම සැකකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ ඇයගේ සොහොයුරන් ද කේරළ ගංජා වෙළෙඳාමේ නිරත වන බවයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
271 Views
Comments