මහබැංකුවෙන් අතුරුදන් වූ සල්ලි මිටිය ගැන තවම හෝඩුවාවක් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

මහබැංකුවෙන් අතුරුදන් වූ සල්ලි මිටිය ගැන තවම හෝඩුවාවක් නෑ

මහබැංකුවෙන් අතුරුදන් වූ සල්ලි මිටිය ගැන තවම හෝඩුවාවක් නෑ

ශ්‍රී ලංකා මහ බැංකුවේ "නිකුතු සුරක්ෂිතාගාරයේ" තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.

 

එම අංශයේ එදින සේවය කළ 15 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කොට ගෙන ඇති අතර, සීසීටීවී දර්ශන ලබාගෙන ඒ ඔස්සේ ද විමර්ශන ආරම්භ කොට තිබෙන බව වාර්තා වේ.

 

මහ බැංකු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි, නව තාක්ෂණයෙන් යුත් ආරක්ෂිත කැමරා සවිකර ඇති  භූගත තෙවන මහලේ රාක්කයක තිබී මෙම මුදල් බන්ඩලය අස්ථානගතවී ඇති බව වාර්තා වන අතර, රාක්කයේ රුපියල් 5,000 මුදල් නෝට්ටු 1,000 බැගින් බන්ඩල 8,000 ක් පමණ තිබී ඇති බවත්, සිද්ධිය වූ දිනයේ බිලියන 25 ක පමණ මුදලක් බැංකුවෙන් බැහැරට ගෙනගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.

 

මෙම මුදල් බන්ඩලය කිසියම් අත්වැරදීමකින් වෙනත් රාක්කයක් වෙත ගියේද යන කරුණ පිළිබඳවද සැකයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.
 

views

174 Views

Comments

arrow-up