වැඩ ලෝකයේ විනෝදය වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර දිනය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

වැඩ ලෝකයේ විනෝදය වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර දිනය අදයි

වැඩ ලෝකයේ විනෝදය වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර දිනය අදයි

මානව වර්ගයාගේ ඉතිහාසය පුරාම, දියුණුවේ එකම සාධකය වන්නේ හොඳින් වෙහෙසී වැඩ කිරීම පමණි. එය මානව ශිෂ්ඨාචාරයේ ඇරඹීමයි. ශ්‍රමය, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ රාජකාරිය යනු මිනිසුන්ගේ පැවැත්ම සඳහා දෛනිකව කළ යුතු රැකියා සඳහා අර්ථයක් ගෙන එන වචන කිහිපයකි. සැබැවින්ම මිනිසා බිහි වී ඇත්තේ වැඩ කිරීමට වන අතර, වැඩ කිරීමෙන් තොරව මානව සංහතියේ පැවැත්මක් ද නොමැත. කරුණු මෙසේ හෙයින් මිනිසා සහ වැඩ කිරීම අතර ඇත්තේ අවියෝජනීය වූ සම්බන්ධයක් බව ප්‍රකාශ කිරීම වරදක් නොවේ.

 

අදට යෙදී ඇති "ඉන්ටර්නැෂනල් ෆන් ඇට් වර්ක් ඩේ" හි ආරම්භය 1996 සිදු වූ අතර, එය ප්‍රථම වරට ප්ලේෆෙයාර් නම් සමාගමක් විසින් ආරම්භ කරන ලදී. මෙම සමාගමේ ලාංඡනය බොහෝ දේ පවසන අතර, තමන්ව හඳුන්වන්නේ, " World's Leading Experts on Fun and Play at Work " යනුවෙනි.

 

මෙම දිනය ගැන ඔබ දැනගත යුතු එක් වැදගත් දෙයක් නම් එය සාමාන්‍යයෙන් අප්‍රේල් 6 වැනිදා සමරනු ලබන නමුත්, මෙම දිනය සැමරීම අප්‍රේල් මාසයේ පළමු බ්‍රහස්පතින්දා සිදු වන අතර, එදින රැකියාවේදි විනෝද වීමට මිනිසුන් දිරිමත් කරන බවයි. සැබැවින්ම අතිශයින් වේගවත් සමාජ රටාවක් තුළ මුදල් ඉපයීම සඳහා කාර්යබහුල වී සිටින අප, අප කරන රැකියාවෙන් තෘප්තිමත් වීමට සහ විනෝද වීමට පුරුදු විය යුතු අතර වසරේ එක් දිනක් නොව වැඩ කරන සෑම තත්පරයකම වැඩ තුළින් විනෝද වීමේ කලාව ඉගෙනගත යුතු බව අපේ අදහසයි.

views

243 Views

Comments

arrow-up