රට පුරා තෙල් පෝලිම් එක රැයින් නැති කළ ආණ්ඩුවේ මැජික් මන්තරය

තෙල් සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් රට තුළ ඇති වී තිබූ ඉන්ධන පෝලිම් ඊයේ රාත්‍රිය වන විට සම්පූර්ණයෙන්ම අතුරුදන් වී ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කරන බවට රජය නිවේදනය කිරීමත් සමග පිරවුම්හල් ඉදිරිපිට තිබූ දීර්ඝ වාහන පෝලිම් අතුරුදහන් වූ බවට ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසා සිටී.
පසුව අඩු මිලට ඉන්ධන ලබා ගැනීමේ අරමුණෙන් බොහෝ දෙනා ඉන්ධන ලබා නොගෙනම ආපසු ගොස් ඇතැයි පැවසෙන අතර, අද දිනයේදී රට තුල ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට පත් වනු ඇති බවට ඉන්ධනහල් පිරවුම්කරුවන්ගේ සංගමය කියා සිටී.
231 Views
Comments