අප්‍රේල් මාසයේදී බස් ගාස්තුවට වෙන දේ මෙන්න

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ අප්‍රේල් මාසයේ මුලදී ඉන්ධන මිල ගණන් අඩු වුවහොත් එහි වාසිය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි.
ඩොලරයේ අගය අඩුවීම හේතුවෙන් අප්‍රේල් මාසය වන විට නව ගාස්තු ක්‍රමයකට යාමට හැකියාව ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කර සිටී.
ඩොලර්යේ අඩු වීමට සාපේක්ෂව මේ වන විට බස් රථ වල අමතර කොටස් මිල ගණන් ද අඩු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ගෙන් ඔහු ඉල්ලීමක් ද කර ඇති බව සඳහන් වේ.
මෙතෙක් කල් ලබා ගැනීමට නොහැකිව සිටි විදුලි බස්රථ 50 ක් ලබා ගැනීමටද IMF ණය සහන ලැබීම හේතු වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබීම හමුවේ සොරකම් කිරීමකින් තොරව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.
240 Views
Comments